hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 අගෝස්‍තු 09, පෙ.ව. 10:50



එක්සත් ජාතික පක්ෂයේ පිරිස් රනිල් වික්‍රමසිංහ මහතා එළවීම සඳහා අවුරුදු 27ක් පුරාවට සටන් කළ බවත් රනිල් වික්‍රමසිංහ මහතා හෙල්ලීමටවත් ඔවුන්ට නොහැකි වූ බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළා.

ඒ කාල සීමාවේදී රනිල් වික්‍රමසිංහ මහතා රටේ සේනාධිනායකයා හෝ රටේ විධායක ජනාධිපතිවරයා නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පමණක් බවත් අවධාරණය කළා.

කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතා එළවීමට කටයුතු සිදු කළ උදවියට එළියට බැසීමට සිදු වූ බවද පවසා සිටියා.

අද වන විට රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව පත් වූ ජනාධිපතිවරයා බවත් එදා ජාතික පක්ෂයේ පිරිස් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයෙන් එළවීමට නොහැකි වුණා නම් අද ජනාධිපතිවරයා එළවීම ජාතික ජන බලවේගයට හීනයක් පමණක් බවද පවසා සිටියා.

පාර්ලිමේන්තුවට එල්ල කරනු ලබන දේශපාලන ප්‍රහාරයක් සම්බන්ධයෙන් පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත මහතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් රංගේ බණ්ඩාර මහතා මෙසේ සඳහන් කළා.

ඒ අවස්ථාවේ මාධ්‍යවේදීයා පාලිත රංගේ බණ්ඩාර මහතා එසේ පවසා සිටියේ “පොහොට්ටුවටත් එක්කද දන්නේ නැහැ” යනුවෙනුයි.

එහිදී නැවත වතාවක් මාධ්‍යවේදියා වෙත පිළිතුරු දෙමින් රංගේ බණ්ඩාර මහතා සඳහන් කලේ “ඔබ වැරදි තැනකට යොමු කරන්න හදන්න එපා. වැරදි තැනට ගිහින් වැරදි ගැටුමක් ඇති කරන්න එපා. ආපහු බිදීමක් ඇති කරන්න ලැස්ති වෙන්න එපා.” යනුවෙනුයි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහල්කම් නීතීඥ සාගර කාරියවසම් මහතා සිනා සී නිහඬව සිටීම ද විශේෂත්වයක්.

වැඩසටහන සඳහන් එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහල්කම් නීතීඥ සාගර කාරියවසම් එක් වී සිටියා.

එම වීඩියෝව පහතින්,