hit counter

2025 ජනවාරි මස 18 වන සෙනසුරාදා

2022 ජූලි 14, ප.ව. 5:21



හෙට(15) දිනයේ පාර්ලිමේන්තුව නොකැඳවන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ලැබී දින 3ත් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවන බව ඔහු සඳහන් කරනවා.

කෙසේ නමුත්, පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සමාජිකයින් හෙට (15) දිනයේදී රැස් වීමට නියමිතයි.

එහිදී ඉදිරියේදී පාර්ලිමේන්තු කටයුතු සිදු කරන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනවා.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොදීම නිසා පාර්ලිමේන්තුවෙන් අභිනව ජනාධිපතිවරයා පත් කිරීමද තවදුරටත් කල් යනු ඇති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට ඊයේ (13) බාරදීමට නියමිතව තිබුණත් එය එදින සිදු නොවූ අතර තවමත් එම ඉල්ලා අස්වීමේ ලිපිය ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

ඊයේ ඉල්ලා අස්වීම බාර දෙනු ලැබුවේ නම් පාර්ලිමේන්තුව හෙට (15) දිනයේ රැස්වී අභිනව ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීමේ කටයුතු ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කලින් තීරණය කර තිබුණා.