hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 දෙසැම්‍බර් 08, පෙ.ව. 8:23



විපක්ෂය නියෝජනය කරන සැලකිය යුතු මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේදී ආණ්ඩුවට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

සමගි ජනබලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද ඒ අතර සිටින බවයි එම ආරංචි මාර්ග පැවසූවේ.

විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු සඳහන් කළේ ජනතාව පත්ව ඇති අපහසුතාවලින් ඔවුන් මුදවා ගැනීමට මෙම තීරණය ගත් බවයි.

අද (08) දිනයේදී පැවැත්වෙන අයවැය තෙවන වර කියැවීමේ ඡන්ද විමසීමෙන් අනතුරුව ඔවුන් ආණ්ඩුවට එක්වනු ඇති බවත්, මේ සති අන්තයේ දිනකදී එම පිරිසෙන් කිහිපදෙනෙකුට අමාත්‍ය ධුර ද හිමිවීමට නියමිත බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ නම් අමාත්‍ය ධුර ලබා ගැනීම සඳහා යොමුකර ඇති බව ද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: