hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූලි 05, ප.ව. 12:20



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා නගර සභා සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සමඟ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

“ජයන්ත කැටගොඩ ගරු මන්ත්‍රීතුමා දැන් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කරනවා. දැන් මේ ඉවත් කරපු මන්ත්‍රීවරු නැවත ගේන්න කියලා පෞද්ගලික යෝජනාවක් ගේනවා. එහෙම කරන්න ව්‍යවස්ථාවේ කොහොමත් ඉඩක් නැහැ.” යනුවෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පැවසුවා.

එහිදී කතානායකවරයා සඳහන් කළේ “ඒ පනත් සියල්ලම අදාළ අමාත්‍යංශයට ඉදිරිපත් කරලා එතනින් වාර්තාවක් ගෙන්න ගන්නවා. ඊට පස්සෙයි විවාදයට ගන්නේ” යනුවෙනුයි.