hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 21, ප.ව. 1:10



රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ යධුරයට පත්කිරීම සඳහා කිසිම අවස්ථාවක යෝජනා නොකළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවේ ඇමැතිධුර  ලබාගත් අය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කරන ලෙස ජනපතිවරයාට යෝජනා කළ බවට ආණ්ඩුවෙන් ස්වාධින වූ පක්ෂ 10 එකමුතුවේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවා.

මෙහිදී පිළිතුරු දෙමින් විමල් වීරවංශ මහතා සඳහන් කළේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට සඳහන් කළ බවයි.

එය මහින්ද අමරවීර මහතා ප්‍රතික්ෂේප කරන්නේ නම් අසත්‍ය ප්‍රකාශ කරන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව විමල් වීරවංශ මහතා පැවැසුවා.

රනිල් වික්‍රමසිංහ මහතා පත්වීම් ලබන දිනයේ උදෑසනත් සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධුරය භාර ගන්නා ලෙස ආරාධනා කළ  බවයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එහිදී සඳහන් කර සිටියේ තමන් ද ඒ සඳහා මැදිහත් නොවූ බවයි.

ඉන් පසුව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර සිටියේ අග්‍රාමාත්‍ය ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා කිරීම සම්බන්ධයෙන් මැදිහත් වූයේ කවුරුන්දැයි පාර්ලිමේන්තුවට හෙළි කරන ලෙසයි.

එහිදී කතානායකවරයා දිගින් දිගටම කියා සිටියේ “දැන් අග්‍රාමාත්‍යවරයා පත් කරලා ඉවරයි” යනුවෙනුයි.