hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 03, ප.ව. 12:22



පාර්ලිමේන්තුවේ ආහාර වේල පිළිබඳව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණයක් ගෙන තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තුවේ සේවකයන් සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් සඳහා රටේ ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන සරල ආහාර වේලක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ ඊයේ(02) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීය.

පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර වේල සඳහා වෙළෙඳපොළේ මිල ගණන් යටතේ සාධාරණ මිලක් නියම කරන ලෙස මෙම රැස්වීමට සහභාගිවූ පක්ෂ නායකයින් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එවැනි සාධාරණ මුදලකට ආහාර මිලදී ගැනීමට සූදානම් බවද එවිට ආහාර සම්බන්ධයෙන් මතුවී ඇති ගැටළුව විසදෙන බවත්  ඔවුන් පෙන්වා දී තිබුණා.

මේ අතර පාර්ලිමේන්තුවේ ආහාර වේල සම්බන්ධයෙන් විවිධ කතා පැතිරෙන හෙයින් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන ලෙසටද පක්ෂ නායකයින් කතානායකවරයාගෙන් මෙහිදී ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනෙකු සිටියත් බොහෝ දුරට එක් දිනකදී ආහාර ලබා ගන්නේ මන්ත්‍රීවරුන් පනස් දෙනෙකුටත් වඩා අඩු සංඛ්‍යාවක් බවත් පාර්ලිමේන්තුවෙන් ආහාර ගන්නා වැඩි පිරිසක් එහි සේවකයන් සහ පාර්ලිමේන්තුවට පැමිණෙන අමුත්තන් බවත් පක්ෂ නායකයින් වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මේ අනුව පාර්ලිමේන්තුවේ ආහාර ගාස්තු වැඩි කිරීම කෙරෙහිද එම රැස්වීමේදී අවධානය යොමුවී තිබෙනවා.

දිනකට පාර්ලිමේන්තුවේදී 1500ක් පමණ ආහාර ලබා ගන්නා බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: