hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 31, පෙ.ව. 7:51



පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය පළමු වතාවට ඉවත් කෙරෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ වෙනුවට රාජ්‍ය ලාංඡනය සවි කිරීමට පියවර ගන්නා බවයි හෙතෙම සඳහන් කළේ.

අතිගරු යන නාමය , ජනපති ධජය සහ ජනපති ලාංඡනය පාවිච්චි නොකිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණා.

මැතිසබයේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයෙන් ජනපති ලාංඡනය ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ මේ අනුවයි.

පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයේ මෙතෙක් පැවතියේ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සකස් කෙරුණු ලාංඡනයයි.

එම ලාංඡනයද වේත්‍රධාරිවරයා විසින් පසුගියදා ඉවත් කර තිබෙනවා.

මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට මෙවර ප්‍රථම වතාවට ජනාධිපතිවරයාගේ ධජය එසවීමට කටයුතු නොකරන බවයි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.

උත්සවයේදී  ජාතික ධජය පමණක් එසවීමට මේ අනුව කටයුතු කෙරෙනු ඇති.

වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුව ලබන තුන්වෙනිදා ජනාධිපතිවරයා අතින් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි.