hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 මැයි 17, පෙ.ව. 10:57



නියෝජ්‍ය කතානායකවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම මේවන විට පාර්ලිමේන්තුවේදී ආරම්භ කෙරුණා. ඒ සඳහා නම් දෙකක් යෝජනා කර තිබුණා. ඒ සමඟම පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයක් එල්ල වූ අතර මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුණා.

එම අවස්ථාවේදී නියෝජ්‍ය කතානායක ධූරය වෙනුවෙන් ඡන්ද විමසීමට විරෝධය දක්වමින් විමල් වීරවංශ මහතා කියා සිටියේ ජනතාවගේ මුදල් නාස්ති නොකර කතාකර එකඟත්වයට පැමිණ එක් මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කරන ලෙසයි.

ඡන්දයක් පැවැත්වීමට මිලියන 9ක පමණ මුදලක් වැයවෙන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද පෙන්වා දුන්නේ නියෝජ්‍ය කතානායක ධූරය සඳහා කාන්තාවක් පත් කර ගත යුතු බවට අගමැතිවරයා කළ ප්‍රකාශය පරිදි කටයුතු කළ යුතු බවයි.

පාර්ලිමේන්තුව කල් තබා පක්ෂ නායකයින් කැඳවා නියෝජ්‍ය කතානායක ධූරයට එක් නමක් යෝජනා කර අනවශ්‍ය මුදල් නාස්තිය නතර කර ගත යුතු බවයි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ.

සමඟ ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රෝහිණී කවිරත්න මහත්මියව නියෝජ්‍ය කතානායක ධූරයට යෝජනා කළ අතර එම යෝජනාව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථීර කරනු ලැබුවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කළා.

ඡන්දයක් පවත්වන්නෙ නැතිව සාකච්ඡා කර නමක් තෝරා ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.ඡන්දයක් පවත්වන්නේ නම් අපත් ඡන්ද පත්‍රිකාව කටු ගා දමනවා.” යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයාද සඳහන් කළේ ස්වාධීන වූ පක්ෂ 10 මන්ත්‍රීවරුන් නියෝජ්‍ය කතානායක ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාව කටුගා දමන බවයි.

සභා රීති අනුව කථානායක ධුරය පත්කර ගැනීම සඳහා නම් දෙකක් ඉදිරිපත් වූ හෙයින් ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවා.

ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීම ආරම්භ විය.

ඡන්ද විමසීම කාර්යයක්ෂම කිරීම සඳහා ඡන්ද පෙට්ටි දෙකක් සභාගර්භයේ තබන ලෙස කතානායකවරයා දැනුම් දුන්නා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමු ඡන්දය ප්‍රකාශය කළා.

 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: