hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ජූලි 09, ප.ව. 5:45



රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අගමැති ධූරයේ රැඳී සිටීමට කටයුතු කරන බව සඳහන් කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මේවන විට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේ බහුතර කැමැත්ත වී තිබෙන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වහා ඉවත් විය යුතු බවයි.

ඉන් පසු හිස් වන ජනාධිපති ධූරයේ කතානායකවරයා ජනාධිපතිවරයා ලෙස සතියක කාලයකට වැඩ බාර ගත යුතු බවද පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

ඒ අතර කාලය තුළ අන්තර් කාලීන ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීමටත් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ඉදිරි දේශපාලන ගමන්මඟ සකසා ගැනීමටත් බහුතර පක්ෂ නායකයින් එකඟවී තිබෙනවා.

කෙසේ වෙතත් කතානායකවරයා තීරණය කර තිබෙන්නේ ජනපති සහ අගමැති ඉල්ලා අස්වෙන ලෙස පක්ෂ නායකයින් ගත් තීරණය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිඛිතව දැන්වීමටයි.

නමුත් පක්ෂ නායක රැස්වීමේදී අගමැතිවරයා ඉල්ලා අස්වීමට එකඟතාවයකට පැමිණ නොමැති බව වාර්තා වනවා.

ඊට පක්ෂ නායකයින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මෙම පක්ෂ නායක රැස්වීම කතානායක නිල නිවසේදී මේවන විට පැවැත්වෙනවා.