hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 20, පෙ.ව. 2:55



ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන අලුත් දේශපාලන පක්ෂ සහ සන්ධාන රැසක් ආරම්භ කිරීමට සූදානම් බව වාර්තා වනවා

ඒ අනුව පක්ෂ සහ සන්ධාන 7ක් පමණ විවිධ දේශපාලන නායකයන් විසින් නිර්මාණය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේවන විටත් හිටපු අමාත්‍යවරුන් වන චම්පික රණවක මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් සන්ධාන දෙකක් නිර්මාණය කිරීමට නියමිතයි.

මේ අතර තවත් දේශපාලන පක්ෂ නිර්මාණය කිරීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආචාර්ය සරත් වීරසේකර සහ රොෂාන් රණසිංහ යන මැති ඇමැතිවරුන් කටයුතු කරමින් සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

මේ සියලු දෙනාට අමතරව පසුගියදා රජයට සහාය දීමට එක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා සහ ගාලුමුවදොර සර්ව පාක්ෂික අරගලකරුවන්ද නව දේශපාලන සන්ධාන දෙකක් නිර්මාණය කරමින් සිටින බව වාර්තා වනවා.

මේ අතර දේශපාලන පෙරළි රැසක්ද ඒ අතර සිදුවීමට නියමිතයි.

ඒ අනුව පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

වර්තමාන කැබිනට් ඇමැතිවරයකු මෙන්ම හිටපු රාජ්‍ය ඇමැතිවරයකු දැනටමත් එජාපය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

එසේම මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එජාපය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද සඳහන්.

ඔවුන් තිදෙනාම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර එජාපයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: