hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 29, ප.ව. 1:00



දේවගැති ජෙරොම්ගේ සිද්ධිය රනිල් – රාජපක්‍ෂ හා සී.අයි.ඒ. වැඩක් දැයි සැක සහිත බව දූෂණ  විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසුවා.

විවිධ කාල වකවානුවල ආගම්, සංහිඳියාව බද්ධ කරගනිමින් විවිධ පුද්ගලයන් ජනතාව අවුළුවන ප්‍රකාශ කරන බවත් එය බොහෝ විට දේශපාලනය මෙන්ම ජාත්‍යන්තර සංවිධාන මැදිහත්ව සිදුවන ඒවා බවත් ඔහු සඳහන් කළා.

ඒ ආකාරයටම පසුගියදා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කළ ප්‍රකාශය සී.අයි.ඒ. ඔත්තු සේවාව හා මෙරට ඉහළ දේශපාලන තලයට අවශ්‍ය ප්‍රකාශයක් දැයි සැකයක් මතුව ඇති බවද ඔහු කියා සිටියා.

මෙවැනි ජනතාව අවුළුවන ආගම්, ජාතීන් පදනම් කරගත් ප්‍රකාශ හමුවේ රටේ ආගමික නායකයන්ගේ මැදිහත්වීම් අවශ්‍ය අතර ඒවා නියාමනයට අවශ්‍ය නීතිරීති වහාම ස්ථාපිත කළ යුතු බව හෙතෙම සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ දේශපාලනය යටපත් කිරීමට ඡන්දය වැළැක්වීම පමණක් නොව ජාතීන් ආගම් අවුළුවා රට ඊට වඩා ප්‍රජාතන්ත්‍ර විරෝධී තැනකට ගෙන යෑමට රනිල් – රාජපක්‍ෂ කැසකවමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවැසුවා.