hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 12, ප.ව. 8:01



එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (12) පස්වරුවේ දිවුරුම් දීම සිදු කෙරුණා.

රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර පස් වතාවක් අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබෙනවා.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මෛත්‍රී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියා.

2019 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයක් ලබා ගත් මොහොතක පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පැමිණියා.

විසිවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලවත් වූ ජනාධිපතිවරයකු යටතේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පැවති අවස්ථාවක තනි මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා රටේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම විශේෂත්වයක්.

රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස මෙලෙස දිවුරුම් දෙන්නේ 6 වන වතාවටයි.

හය වතාවක් රටක අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ ලොව එකම දේශපාලකයා වන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතායි.