hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 09, ප.ව. 10:20



තමන්ගේ ජීවිත වලට තර්ජනය එල්ල වී ඇති බව අද (09) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් දෙදෙනෙක් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු මතු කරමින් සඳහන් කළා.

ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සහ පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතායි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරන ඡන්දයට පෙර පසුගිය 13දා මා අමතා ඉතාම අශීලාචාර ලෙස දුරකතන බැණ තර්ජනය කළා. ඔබතුමා වෙත මං වාර්තා කළා. මිරිහාන පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නීතිය ඔබටත් මටත් සියලු දෙනාටම එකයි කියලා ජනාධිපතිතුමා සිය රාජාසන කතාවේදී කියා සිටියා. මේ වරප්‍රසාද කඩවීම ගැන කාරණාව දැඩිව සැලකිල්ලට ගෙන නීතිය අනුව කටයුතු කළ යුතුයි.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් රාජපක්ෂ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“ජූලි 29 වනදා මට දුරකථන ඇමතුමක් එනවා අගෝස්තු 19 ට කලින් මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුයි කියලා. ඒ වගේම ජූලි 30 වනදා ඉතාම අසභ්‍ය වචනයෙන් බැණ වැදුනා. මේ පාර්ලිමේන්තුවේ පසුගිය දවස්වල අපි ගත්ත තීන්දු තීරණ වෙනුවෙන් මට ඉතාම අසභ්‍ය වචනයෙන් බැනලා ජීවිත තර්ජන එල්ල කළා.”

ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය පිළිබඳ විවාදය අමතමින් මන්ත්‍රීවරුන් මෙම අදහස් පළ කළා.