hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 නොවැම්‍බර් 28, ප.ව. 3:12



රජය කිසිම ආගමික නායකයකුට අපහාස නොකරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

එසේ නමුත් රජය මහා සංඝරත්නයට අපහාස කරන බවට විපක්ෂය විසින් මතවාදයක් හැදීමට කටයුතු කරන බවයි ඔහු කියන්නේ.

සිල්වත් භික්ෂූන් වහන්සේලාට ගරු කරන බවත් චීවරය ඇඳගෙන පාටි දමන භික්ෂූන්ට ගරු නොකරන බවත් අමාත්‍යවරයා පවසනවා.

“අපි කිසිම ආගමික නායකයකුට අපහාස කරන්න කැමති නැහැ. චීවරය ඇඳගෙන දවල්ට අරගල කරන අය රෑට පාටි දාන ආකාරය අපි ෆේස්බුක් එකේ දකිනවා. ඒව දකිනකොට මිනිස්සුන්ට මහා සංඝරත්නය කෙරෙහි තියෙන ගෞරවය නැති වෙනවා. නමුත් සීලය රකින භික්ෂූන් වහන්සේලාට කවුරුවත් අපහාස කරන්නෙ නැහැ. 88, 89 කාලයේ දී ප්‍රේමදාස මහත්තයා චීවරය ඔතල ටයර් සෑයවල්වල පුච්චල ‍ගඟේ පාකරන කොට ඔය කතාව කියන්න කෙනෙක් හිටියනම් ලොකු දෙයක්.

අපි මහා සංඝරත්නයට අපහාස කළේ නැහැ.නමුත් එහෙම මතවාදයක් හදන්න හදනවා. ස්වාමීන් වහන්සේලා කරන යම් යම් කාරණා ගැන මහා නායකහිමිවරුන් කතා කරනවා. මගේ නිවස ගිනි තියන්න එක ස්වාමීන් වහන්සේ නමක් මැදිහත් වුණා. නමුත් මම කිව්වේ එක හාමුදුරු නමක් එහෙම කරාට හැමෝම එහෙම නෑ කියලයි. අපි මහා සංඝරත්නයට ගරු කරනවා” යැයි ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසනවා.