hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2023 මැයි 11, පෙ.ව. 11:32



ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදුනු අරගලකරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයකුට පෙනීසිටිය නොහැකි බව නාගරික සංවර්ධන හා නිවාස ඉදිකිරීම් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා.

සාමකාමී අරගල වලට තමන් එකග බවත් නමුත් ප්‍රචණ්ඩකාරී අරගල වලට තමා එකග නොවන බවත් කියා සිටියා.

බොහෝ අරගලකරුවන් මානසික රෝගීන් බවත් මේ වනවිට ඔවුන් රෝහල්හි ප්‍රතිකාර ලබන බවත් සඳහන් කළා.

ඇතැම් අරගලකරුවන් ගාලුමුවදොර ඔවුන් පදිංචිව සිටි කූඩාරම්වල සිට කායික සම්බන්ධතා පවා පවත්වා ඇතැයිද එය ආරක්ෂා සහිතව කිරීමට හෝ ඔවුන්ට දැනුමක් තිබී නැතැයි ද පැවසුවා.

ඒ අනුව ඔවුන්ගෙන් උපදින දරුවන් මහපාරට වැටෙන බවද සඳහන් කළා.