hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 10, ප.ව. 3:26



“මගේ ගෙදරට ගහන්න ආවේ මහාචාර්ය හාමුදුරු කෙනෙක්. ගිනි තිබ්බෙත් හාමුදුරු කෙනෙක්. මේ උසි ගැන්වීම්වල පිටිපස්සේ පල්ලියයි, පන්සලයි දෙක ම හිටියා,” යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පාර්ලිමේන්තුවේදී පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මේ බෞද්ධ රටක් කියලා හිතෙන්නේ, මිනිසුන්ව කුලප්පු කරන්න, ගෙවල් ගිනි තියන්න, කුරිරු ම්ලේච්ඡ වැඩ කරන්න නායකත්වය දුන්නේ ගම් මට්ටමේ ස්වාමීන් වහන්සේලා. ඒක හංගන්න දෙයක් නැහැ. ඒ හාමුදුරුවරු, මේ ආගමික නායකයෝ මේ මට්ටමට වැටුණ ම, මේ රටේ විනයක් ඇතිවෙයි ද කියලා හිතාගන්න බැහැ.එදා 9 වන දා අපි දැක්කා කාදිනල් උන්වහන්සේයි, සෝභිත හාමුදුරුවොයි වාඩිවෙලා මොකක් ද කිව්වේ? ගහපියව්, කියන එක නෙවෙයි ද නොකියා කිව්වේ? ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ කිව්වෙ ත් ඒක. අපි දැක්ක වීඩියෝ පටයක්. පල්ලිවල ඝණ්ටාර ගහලා, මිනිස්සුන්ව ගෙන්නලා, මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියන්න, ගහන්න පූජකවරු කටයුතු කළා. හැම ඉරිදා ම පල්ලි යන කතෝලික යුවළකගේ ව්‍යාපාර ගිනි තියපු වීඩියෝ පටයක් අපි දැක්කා. ඒ අයගේ ව්‍යාපාර ගිනි තිබ්බේ දේශපාලනයක් කරලා නොවේ. මේ පිටිපස්සේ පන්සල් විතරක් නොවේ කතෝලික පල්ලිත් හිටියා.මේක කිව්ව ම හෙට හාමුදුරුවරු බනියි. මගේ පාංශුකූලෙටවත් එන්නේ නැහැ කියයි. මට කමක් නැහැ,” යැයි ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා.