hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 04, ප.ව. 3:17



නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන විගණනයට ලක් කරන ලෙස විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදියි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 21හි ම සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත්වීම ඊට හේතුව බවයි වාර්තාවන්නේ.

ඇතැම් චෝදනා සම්බන්ධයෙන් මේ වනවිටත් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, විමර්ශන මට්ටමේ පවතින සිද්ධීන් ද වනවා.

පසුගිය රජයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින රුපියල් මිලියන 137 ක පෝස්ටර් මුද්‍රණය කරනු ලැබ ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන බව ත් එය නාස්තියක් බව ත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී ථිඑබ්නවා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මෙසේ සඳහන් කළා,

“ආයතනවල මතුව ඇති ප්‍රශ්න අපි සාකච්ඡා කරල විසඳගමු. වැඩ වර්ජනවලට යන්න කලින් වෘත්තීය සමිති සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳාගන්න කටයුතු කළොත් ඒක අපි හැමෝට ම පහසුයි. නායකයෙක් නැති ආරගලවලට පැවැත්මක් නැහැ. ගෝල් ෆේස් අරගලයේ සැබෑ ස්වරූපය දැන් එළිවෙනවා. ආයතනයක වෘත්තීය සමිති ඒ මට්ටමට වැටිය යුතු නැහැ. වෘත්තීය සමිතියක් වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්න ඕන විධිමත් ක්‍රමවේදයක් අනුවයි. එහෙම නැතිවුනොත් පාඩුවෙන්නේ තමන් වැඩ කරන ආයතනයටමයි. මම ආවේ මේ ආයතන ගොඩගන්නයි. මේ හැම ආයතනයකට ම මම පත් කළේ වැඩ දන්න ඉහළ ම සුදුසුකම් තියෙන සභාපතිවරුයි. ඒ අයට ඔබගේ සහයෝගය ලබා දෙන්න. තර්ජනය කරල බිත්තර ගහල අපිව බය කරන්න බැහැ.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, දේශපාලනය කිරීමේදී අරගලකරුවන්ට අවශ්‍ය ලෙස වෙනස් වීමට තමන් සූදානම් නැති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: