hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 04, ප.ව. 12:03



ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පැවති රටේ ආර්ථිකය මෙන් ම සමාජයීය තත්ත්වය ඊනියා අරගලකරුවන් විසින් විනාශ කරන ලද බවට නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා.

අරලියගහ මන්දිරයේදී ලෝක ජනාවාස දින සැමරුම් උත්සව අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රට ගොඩනගන්න පැවති සාර්ථක වැඩපිළිවෙළ විනාශ කරන ලද ඊනියා අරගලකරුවන් මේ ආර්ථික විනාශයට සම්පූර්ණයෙන් ම වගකිව යුතු බවත් ඇමතිවරයා සඳහන් කළා.

එසේ ම, පසුගිය රජය සමයේ රටේ ආර්ථිකය ගොඩනැගීමට ගනු ලැබූ සියලු සැලසුම් හා ව්‍යාපෘති සියල්ල නතර කිරීමට සිදු වූයේ කොරෝනා වසංගතය හා රුසියානු – යුක්‍රේන යුද්ධය හේතුවෙන් බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.