hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 24, ප.ව. 8:13



රට පවතින අර්බුදයෙන් ගොඩගැනීම සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට පූර්ණ සහාය පළ කරන බවත් ඒ වෙනුවෙන් ඕනෑම අභියෝගයක් භාර ගැනීමට තමන් සුදානම් බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ජනාධිපතිවරයාට මේ මොහොතේ සහාය දැක්වීම අලියාගේ පිටේ නැගීමක් නොවන බවයි ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

දේශපාලන තීන්දුවක් ගැනීමට සුදානම් වන බවත් ඒ සම්බන්ධයෙන් මිනුවන්ගොඩ දේශපාලන මණ්ඩල සමාජිකයන් තමා විදේශගතව සිටින අතරතුර රහසිගත ජන්දයක් පවත්වා ඇති බවත් පුවත්පත් හා වෙබ් අඩවි කිහිපයක පළවු වාර්තා පදනම්කර ගනිමිනුයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාල නිවේදනය නිකුත් කර ඇත්තේ.