hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 ජනවාරි 19, ප.ව. 6:16



තුරඟ තරඟ පිටියේදී කැම්පස් තරුණිය ඝාතනය කලේ වසන්ත මුදලිගේගේ අනුගාමිකයෙක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

මොවුන්ට අන් මත ඉවසිය නොහැකි බවත් මොවුන් පුනුරුත්තාපනය කළ යුතු බවත් ඒ මහතා කියා සිටියා.

එහිදී ඒ මහතා මෙසේ ද සඳහන් කළා,

“දැන් ඊයේ පෙරේදා අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයාවක් ඝාතනය කරලා මරලා තියනවා. මේ ෆේස්බුක්වල යන එකක් මේ වසන්ත කුමාර මුදලිගේ කියන පුද්ගලයත් එක්ක ඒ ළමයා අරගලයේ හිටිය එකක්. අරගලයේ පින්තූරයක් තියෙනවා. ඒකෙ තියෙන්නෙ අන්තරේ වසන්තගේ අනුගාමිකයෙක් නේද? ලව් එක නතර කරමු කිව්වම රේස් කෝස් එකේදි බෙල්ල කපලා දාලා හැංගිලා තියෙන්නේ.” මේ සමාජ මාධ්‍ය වල යන ඒවා. මේ තත්ත්වයට මේ මිනිස්සුන්ගෙ මානසිකත්වය වැටුණේ කොහොමද? මේ ළමයිව පුනරුත්ථාපනය කළ යුතු නැද්ද?”