hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 10, පෙ.ව. 10:04



කාලකන්නි කුඩුකාරයන් පිරිසක් ගංජා කාරයන් පිරිසක් අරක්කු බී  මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම නිසා අද සමහර මන්ත්‍රීවරුන් මේ සභාවට එන්නේ  අනුන්ගේ ඇඳුම් ඇඳගෙන බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවැසුවා.

මේවාට උල්පන්දම් දුන්  දේශපාලන පක්ෂවල අයත්  අද මෙතැන සිටින බව හෙතෙම සඳහන් කළා.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී  ආර්. රාසමානික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මතු  කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

රජයේ ආයතන දෙකක් ද සමග තමාගේ නිවෙස ගිනි තැබූ  කාලකන්නින්ට අධිකරණයෙන් ඇප දෙද්දී  තම පක්ෂයේ මිනිසුන් ඇතුළත දැමූ බවද  ඔහු සඳහන් කළා.

තමාගේ ගෙදරට 1977 දීත්  ගිනි තබා විනාශ කළ බවත් ඒ අවස්ථාවේදී පවුලේ සියලු දෙනා ජීවත් වුණේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ එකම කාමරයක බවත් ප්‍රසන්න රණතුංග මහතා පැවසුවා.

මාදිවෙල සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිවාස ලබා දීමට තීරණය කළේ අද ඊයේ නොවන බව පැවසූ අමාත්‍යවරයා  මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ සිටින පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන්ට මේ නිවාස හිමිවන බවද සඳහන් කළා.

මෙම  කාරණය ගැන කවුරුත්  මේ අවස්ථාවේදී සංවේදීව  බැලිය යුතු බවත්  සමහරුන් ශුද්ධ වන්තයන් ලෙස මෙතන කතා කරන බවත් ඔහු පැවසුවා.