hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 24, පෙ.ව. 10:13



අමාත්‍යවරයෙකුගේ පඩිය හැටපන්දහසක් බවත් එය අද කාලයේ හැටියට ලොකු මුදලක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සඳහන් කරනවා.

පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“අද සමහරු චෝදනා කරනව. රටේ සල්ලි නැති වුණාට අමාත්‍යවරු පත් කරන්න ආණ්ඩුවට සල්ලි තියෙනවා කියලා. ඒක පිළිගන්න බෑ. අමාත්‍යවරයකුට ලොකු පඩියක් නෑ. හැටපන්දාහයි පඩිය. ඒක ලොකු මුදලක්ද අද කාලේ. ඉතින් විපක්ෂය කියන තරම් මුදලක් ඇමැතිවරයෙක් නඩත්තු කරන්න යන්නෑ.අපි ඡන්දයට සූදානම්. කිසිම චකිතයක් නෑ අපිට. ඒ ගැන විපක්ෂය පුරාජේරු ගැහුවට ඒ අය මැතිවරණයට බයයි. මොකද එයාල පරදින බව දන්නවා.”