hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 22, ප.ව. 12:46



ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කර අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පවසනවා.

ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සතිපතා පැවැත්වෙන රැස්වීම ඊයේත්(21) ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා.

ඊයේ පැවැති රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතාද පැමිණ සිටීම විශේෂත්වයක්.

ස්වාධීන වූ මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ වැඩ කිරීමට අයිතියක් තිබෙන බවත් අපි පත් කළ ආණ්ඩුවේ ගමන පිළිබඳ සෑහීමකට පත් විය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

ආණ්ඩුව අසාර්ථක බවත් එම අසාර්ථක වීම තුළ මේ සියලුම කාරණා සිද්ධ වූ බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

අපේම තියෙන උද්ධච්ඡ අපේම තිබෙන වැරදි නිසා මේ තත්වයට රට පත් ව ඇති බවත් දේශපාලන වශයෙන් කලකිරීමකට පත්ව ඇති බවත් දොලවත්ත මන්ත්‍රීරයා අවධාරණය කළා.

විමල් වීරවංශ මහතාගේ මූලිකත්වයෙන් පිහිටවනු ලබන සන්ධානයකට තමන් සහය දක්වන බවත් වාමාංශික දේශපාලනය නව තැනකට ගෙන යාමට අවශ්‍ය සාකච්ඡා මේවන විට ආරම්භ කර තිබෙන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: