hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2022 දෙසැම්‍බර් 11, ප.ව. 12:00



මාස ගණනක් කල්යමින් තිබූ නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම ඉදිරි සතියේ සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවා.

ඒ අනුව පත්කෙරෙන නව ආණ්ඩුකාරවරුන් ගණන 4ක්. මෙම තනතුරු සඳහා තෝරාගෙන ඇත්තේ හිටපු අමාත්‍යවරුන් තිදෙනකු සහ හිටපු ආණ්ඩුකාරවරියක බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

පවත්නා පළාත් සභා 9න් 4ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කෙරුණත්, සෙසු පළාත් 5 ආණ්ඩුකාර තනතුරු කිසිවක් වෙනස් නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර එකඟතාවක් ඇතිකරගෙන ඇති බව දැනගන්නට තිබෙනවා.

කෙසේ වෙතත් නව ආණ්ඩුකාර පදවි ලබන්නන්ගේ නාමලේඛනය මෙතෙක් හෙළිදරව් වී නොමැත.