hit counter

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා

2022 ජූලි 06, ප.ව. 3:46



රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද(06) දිනයේ දුරකතන සංවාදයක් පවත්වා තිබෙනවා.

ඒ පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් සටහනක් තබා මේ බව සඳහන් කර තිබෙනවා.

අතීතයේදී රුසියාව විසින් ශ්‍රී ලංකාවට සහය දැක්වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී සිය ස්තුතිය පළකළ බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීම සඳහා ණය ක්‍රමයක් ලබා දෙන ලෙසට තමන් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය බවද එහි සඳහන්.

මේ වන විට අත්හිටුවා ඇති ඒරෝෆ්ලෝට් ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කරන ලෙස ද මෙහිදී රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිය බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරන්නේ.

සංචාරක, වෙළෙඳ සහ සංස්කෘතිය වැනි අංශවල ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අපගේ ජාතීන් දෙක අතර පවතින මිත්‍රත්වය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමුඛ වන කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා කළ බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: