hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූනි 11, පෙ.ව. 11:47



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පසුගියදා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වුවද දේශපාලන කටයුතුවල දිගටම නිරතවන බව ඔහු ප්‍රකාශ කළා.

මේවන විට රාජපක්ෂ පවුලේ තවත් මන්ත්‍රීවරයකු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඔහු ඉදිරි සති කිහිපය තුළ මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව වන බවටයි එම ආරංචි මාර්ග පැවසූවේ.

ඒ අනුව ඔහු දේශපාලනයෙන් ද විශ්‍රාම යාමට බොහෝදුරට ඉඩ ඇති බව වාර්තා වනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හැරුණුකොට කැබිනට් මණ්ඩලයේ ද රාජපක්ෂවරුන් කිසිවකු නෑ.

ඔවුන්ට ඇමතිධුර ලබා නොදීමට ද ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

රාජපක්ෂ පවුලේ චමල් රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ඇමති නාමල් රාජපක්ෂ සහ ,හිටපු රාජ්‍ය ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරු මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් කටයුතු කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: