hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ජූලි 26, පෙ.ව. 3:52



පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ලබා ගැනීමට ආණ්ඩුවෙන් එක් මන්ත්‍රීවරයෙකුට කෝටි 10ත් 15ත් අතර මුදලක් ලබා දී ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

පොහොට්ටුව ඡන්ද ලබා ගැනීමේදී ගනුදෙනු කළේ එක් එක් මන්ත්‍රීවරයා සමඟ බවත් එහිදී එම මන්ත්‍රීවරුන්ට මුදල්, ගිනි තැබූ නිවාස වෙනුවට නව නිවාස සහ ඒවාට වන්දි, වාහන බලපත්‍ර, අවුරුදු දෙකහමාරක සුරක්ෂිතතාව වැනි කරුණුවලට එකඟ වී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලබා ගැනීමට පොහොට්ටුව කටයුතු කර ඇති බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

ඩලස්ට සහය දීමට තමා සමඟ සාකච්ඡා කළ පොහොට්ටුවේ මන්ත්‍රී පිරිසක් අතරමැදියෙකු සමග සාකච්ඡා කර ඔවුන්ද මුදල් ඉල්ලා සිටි බවත් එම කණ්ඩායමට පොහොට්ටුවේ 15 දෙනෙකුගේ කණ්ඩායමක් සිටින බවත් ඔහු කියා සිටියා.

එම පිරිස බලාපොරොත්තුවන මුදල් ගණන කීයද යන්න තමා විමසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව දැන්වූ බවත් “සත පහක්වත් දෙන්න එපා” යැයි එහිදී ඔහුගේ ප්‍රතිචාරය වූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළා.

එම පිරිස පසුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට ගිය බවත් ඔවුන්ට එහිදී එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් කෝටි 10 – 15 ලබා ගෙන ඇති බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔහු මේ බව පැවසූවේ යූටියුබ් නාලිකාව සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.