hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 15, ප.ව. 7:41



කළුතරදී රාජිත සේනරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගයෙන්ම දැඩි ප්‍රහාරයක් එල්ල වුණා.

ඒ, අගලවත්ත ජාතික සංවිධායක ජගත් විතාන මහතාගෙනි.

ඒ මහතා කියා සිටියේ කළුතරින් ඇප තැන්පත් කොට රාජිත සේනාරත්න මහතා රනිල් සහ ආණ්ඩුව හොද බව කියමින් ප්‍රකාශ නිකුත් කොට ඇති බවත් මේ අවස්ථාවේ රටට ඡන්ද අනවශ්‍ය බව ප්‍රකාශ කොට ඇති බවත්ය.

මෙවැනි පුද්ගලයන් දේශපාලන පිටියෙන් ඉවත් කිරීමේ සටන ආරම්භ කරන බවද විතාන මහතා කියා සිටියා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“එදා අපි යහපාලන රජයේ මෛත්‍රීපාලව මහත්තයාව දිනවන්න අපිට සල්ලි දීපු තාලේ කිය කිය හිටියේ. අපේ ගෙවල් වලට ගෙනල්ලා සල්ලි දුන්නේ. කවුද මගේ ගෙදරට සල්ලි අරන් ආවේ? සතා සිවම්. එයා ඇවිල්ලා තවුහිදි තානාපති කාර්යාලයේ තානාපති. ඒ වගේම සියලුම සංවිධායකවරුන්ට සල්ලි දුන්නා. ගත්තේ නැති එක්කෙනෙක්, දෙන්නෙක් ඇති. එහෙම නම් කියන්න ගත්තේ නෑ කියලා. මෙතන ඉන්නවනේ කට්ටිය. මෙතන ඉන්නවනේ කට්ටිය. එහෙනම් කියන්න අත උස්සලා ගත්තේ නෑ කියලා. අපේ කට්ටියට කියන්නේ මේ. ඊට පස්සේ තමයි අපි සටන හරියටම කරලා, මෛත්‍රිපාල සිරිසේනව වාඩි කළේ ජනාධිපති පුටුවේ. වාඩි කරාට පස්සේ. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා. යුධ කාලේ ගත්තේ හොරකම් කරපු සල්ලි ටික දාලා තමයි ඒගොල්ලො රජයක් පිහිටුවා ගත්තේ. හොරු හොරු එකතු කරලා ආණ්ඩු දෙකක් පිහිටව ගත්ත කාලේ. මං කියනවා අපි එහෙම ආණ්ඩු පිහිටුවන්න ඕනේ නෑ. අපිට කිසි දවසක රටක් වශයෙන් නැගිටින්නත් බෑ. දියුණු වෙන්නත් බෑ. අපේ නායකතුමා කියනවා වගේ අපි මේ හොරකම් කරපු සල්ලි ටික ගන්න ඕන. ඒ වගේම පිටරට තැන්පත් කරලා තියෙන ඩොලර් ටික ගේන්න ඕන. එහෙම නම් ඒකට අණපතත් සම්මත වෙන්න ඕන පාර්ලිමේන්තුවේ. කෝ පාර්ලිමේන්තුවේ අණ පනතක් යෝජනා කරාද? සම්මත වුණාද? නෑ. එහෙමනම් ඕගොල්ලෝ බලය දෙන්න ඕනේ ඒකට. මම පාර්ලිමේන්තුවට තමුන්නාන්සේලා ඇරියොත් ඕන නම් ගෙදර තියන්න. ඇරියොත් එහෙම, මම ඒ යෝජනාව කරනවා ප්‍රසිද්ධියේ. මට සාක්කි තියෙනවා. හොරු හොරු එකතුවෙලා.

අපේ ජනතාව අමාරුවේද මේ අමාරුකම් ටිකෙන් මිදෙන්න නම් මුන් හොරෙන් ගත්ත සල්ලි ටික ගේන්න ඕන. මුන් ණය අරගෙන, ණය අරගෙන මොකක්ද කරේ? ආයෝජනය කරේ නෑ. මමත් හොඳ ඉන්වෙස්ටර් කෙනෙක්. ආයෝජකයෙක්. වැටෙන්නැති ආයෝජකයෙක්. මේගොල්ලන්ට තිබුණේ මේවා ආයෝජනය කරන්න යම්කිසි වැඩපිළිවෙලකට, ආදායම් මාර්ගයක් එන තැනට. මොකක්ද කරේ? ගැහුවා සම්මන්ත්‍රණ ශාලා. ගැහුවා එයාර්පෝර්ට්, ගැහුවා පිට්ටනි හතක්. මේ පුංචි රටේ ජාත්‍යන්තර ක්‍රීඩාපිටි හතක්. කොච්චර ආදරෙයිද අපිට? දාලා කොමිස් ගැහුවා, පාරවල් හැදුවා, ගම්පෙරළිය කිව්වා අර පෙරළිය කිව්වා. කොමිස් ගැහුවා. ගැහුවේ අපි නෙමෙයි ඇමතිවරු. මං කතාව කෙටි කරන්න ඕනේ නායකතුමා ආපු වෙලාවේ. හැබැයි මං එකක් කියනවා.

මං ඊයේ බලන් හිටියා. රාජිත සේනාරත්න ඇමතිතුමා මං ආසාවෙන් බලන් හිටියා එයා ගිහිල්ලා ඇප තැන්පත් කරනවා. ඇප තැන්පත් කරාට පස්සේ පැය දෙක තුනක් යන කොට එයා කියනවා මේ වෙලාවේ මැතිවරණයක් අවශ්‍ය නෑ. සජිත්ට කිව්වාට සජිත් බාරගත්තේ නෑ. වැඩකාරයා රනිල් තමයි. රනිල්ට විතරයි මේ රට ගොඩනගන්න පුළුවන් කියලා අපේ පක්ෂයෙන් නාම යෝජනා ගන්න ඉන්න රාජිත සේනාරත්න ආවනම් හොඳයි. එයා ඇවිල්ලා නෑ මේ වෙලාවට. මූණ දෙන්න බෑ රටට. මේ වගේ ප්‍රකාශ කියන එවුන්ට. අපි ඡන්දේ දෙන්න ඕනෙද? මටත් දෙන්න එපා. ඕනේ නැත්නම්. මේ මිනිස්සුන්ව මේ බෑ මේ දේශපාලනය හදන්න. තරුණ තරුණියනි, මේ පෙරළියක් ඇති කරන්න ඕනා. මේ පෙරළිය රැඩිකල් විදිහටම කරන්න ඕන. පුද්ගලයෝ ආරක්ෂා කරන්න දේශපාලනය කරන්න යන්න එපා. අවුරුදු හතළිහක් පාර්ලිමේන්තුවේ හිටියායි කියන්නේ.

තව එක්කෙනෙක් හිටියා නම කියන්න කැමති නෑ. එයා මගේ ඥාතිවරයා. මතුගම ආසනයේ හිටියේ. ඈ. පේන්නවත් ඉන්නවද? උන් හින්දා තමයි අපිව ගෙදර තිබ්බේ. අජිත් පෙරේරායි මායි දෙන්නම ගෙදර. උන් ඇවිල්ලා මොන මොනවද කුණුහරප ටිකක් කිව්වා. ඇවිල්ලා ඉවරවෙලා පාර්ලිමේන්තු ගියා. ඊට පස්සේ කියනවා සමගි ජන බලවේගයෙන් අපි ආවේ නැහැල්ලු. කරුණාකරලා හිතේ තියාගන්න. සමගි ජන බලවේගය නියෝජනය කරන මේ සංවිධායකවරු තේරුම් අරගෙන තමුන්නාන්සේලා ඒ සංවිධායකවරුව පාර්ලිමේන්තුවට අරින්න. එතකොට තමයි මේ පපුවේ කැක්කුම තියෙන්නේ. එහෙම නැත්නම් කූඩැල්ලෝ වගේ ලේ උරා බොන්න අපේ පක්ෂයේ එල්ලිලා, අපේ ලේ ටික උරා බීලා පැත්තකට වෙලා හිනා වෙන්න හදන මේ දිස්ත්රික්කයේ අනවශ්‍ය පුද්ගලයෝ පාර්ලිමේන්තුවට අරින්න එපා. දෙයියන්ගේ නාමෙට මං මේ ඉල්ලන්නේ. ඕගොල්ලෝ නැගිටින්න ඕනා. තරුණ, තරුණියෝ ඉස්සරහට එන්න ඕනා. ඕගොල්ලන්ගේ පැතුම ඒක. ඕගොල්ලන්ට මේ මේ වචන ටික කියන්න. ආර්ථික හයියක් නැතිකම තියෙන්නේ මං දන්නවා. හැමෝගෙම හදවතේ තියෙනවා මේ ටික කියන්න ඕනෑ කියලා. හැබැයි මේ යුද්ධ ප්‍රකාශ කිරිල්ල කරන්න කිසිවෙකුට ලේසි නෑ. මං ඔන්න භාර ගත්තා. තමුන්නාන්සේලා මාත් එක්ක එකතු වෙන්න. මං මේක සුද්ධ කරලා තමයි නවත්තන්නේ.”