hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 13, ප.ව. 4:35



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති පිළිබඳව සටහන් කරමින් ලිපියක් එවූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා.

රනිල් වික්‍රමසිංහ යනු ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ අයෙක් බවත් තමා රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දශක දෙකක් පමණ දේශපාලනය කළ අයෙක් බවත් රනිල් සමඟ වැඩ කිරීමට නොහැකි නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමඟි ජන බලවේගය නිර්මාණය කළ බවද පෙන්වා දෙනවා.

මෙරට ජනතාව ප්‍රතික්ෂේප කර ඇති පළමු දේ ගෝඨාභය රාජපක්ෂ බවත් දෙවැන්න ලෙස ජනතාව ප්‍රතික්ෂේප කර ඇත්තේ රාජපක්ෂවරු බවත් සේනාරත්න මහතා පවසනවා.

ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ඊයේ රාත්‍රියේ වන වන විට “ගෝඨා ගෝ ගම” පමණක් නොව “රනිල් ගෝ ගම” පවා සාදා ඇති බවද ඒ මහතා සඳහන් කරනවා.

ජනතාවට එරෙහිව යන ද්‍රෝහීන්ට ඉතිහාසයේ කිසිදු ඉඩක් නොමැති බවද සේනාරත්න මහතා පෙන්වා දෙනවා.