hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 පෙබරවාරි 14, ප.ව. 1:36



නිරුත්තර රටක උත්තරය යන මැයෙන් සමගි ජන බලවේගයේ කලාවැව ආසනයේ ජන රැලිය තඹුත්තේගම ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම ජනරැළියට හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා එක් වූ අතර එහිදී ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ දෝෂදර්ශනයට ලක් කරනු ලැබුවා.

“සහෝදරවරුනි, දෙන්න හූවක් හොඳ ජේවීපී එකට. ජේ. වී. පී. එකත් අද ඔය වගේ කයිසන්ලා ඉන්න පක්ෂයක් සහෝදරවරුනි.” යනුවෙන්ද කියා සිටියා.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“සජිත් ප්‍රේමදාස මහත්තයා මිනී මරලා තියෙනවද? කවුද යකෝ ඔව් කිව්වේ? සජිත් ප්‍රේමදාස මහත්තයා මිනී මරලා තියෙනවද? හරි අන්න එහෙම එන්න. ප්‍රශ්නේ තේරුම් ගන්න. ප්‍රශ්නේ තේරුම් ගන්න. ජේ.වී.පී එක වගේ ඔහේ උත්තර දෙන්න එපා. හොරකම් කරලා තියෙනවද? බිල්ඩින් ගිනි තියලා තියෙනවද? එහෙනම් දෙයියනේ මීට වැඩිය සුදුස්සෙක් ආයේ කොහෙද? හොඳ උදාහරණයක්. මේක ජේ.වී.පී එකට නිකන් හරි ඡන්දයක් ගහන්න ඉන්නවා නම් මේකෙන් තේරුම් යනවා. ඉන්දියාවේ පාර අයිනේ පොඩි පෙට්ටි කඩයක් තියාගෙන ඉන්නවා. තේ හදන මනුස්සයෙක්.”

තේ එක ගහන ගමන් ඔන්න ටෙන්ඩුල්කාර් ක්‍රිකට් ගහනවා.ටෙන්ඩුල්කාර් ෂොට් එකක් ගහන්න ගිහිල්ලා අවුට් වෙනවා. එතකොට අරූ කියනවා අයියෝ මොන මෝඩයෙක්ද? මූට ගහන්න තිබ්බේ මේකනේ ෂොට් එක. මෙහෙම බෙල්ල හරවලා මෙහෙම ගැහුවා නම් හයයි කියලා ඒ මනුස්සයා කියනවා. හැබැයි ඌ ඒක කරලා කරලා කියලා කට කට කට ගාලා තේ එක හදලා දුන්නහම බල්ලෙක්ට තේ එක බොන්න බෑ. මූට තේ එක හදන්න බෑ. හැබැයි ලෝකෙටම උපදෙස් දෙන්න පුළුවන්. සහෝදරවරුනි, දෙන්න හූවක් හොඳ ජේවීපී එකට. ජේ.වී.පී එකත් අද ඔය වගේ කයිසන්ලා ඉන්න පක්ෂයක් සහෝදරවරුනි.”