hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 03, ප.ව. 7:50



බොරු තර්ක ඉදිරිපත් කරමින් තවදුරටත් අසාර්ථක වනවා වෙනුවට දැන්වත් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ආණ්ඩුව සමග එක්වන ලෙස තමා විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමස්ත විපක්ෂයට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 32ක් සපිරීම නිමිත්තෙන් අද (03) පෙරවරුවේ මාගම් රුහුණු ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයට එක් වෙමින්

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් විපක්ෂය නැගූ සියලු චෝදනා මේ වන විට අසත්‍ය වී ඇති බවයි.

එමෙන්ම ඒ සඳහා අවශ්‍ය නම් කථානායකවරයා සමග සාකච්ඡා කර ඔවුන්ට පාර්ලිමේන්තුව තුළ තවත් වගකීම් පවරාදීමට හැකි බව ද ජනාධිපතිවරයා මෙහිදි පෙන්වා දුන්නා.