2023 අගෝස්තු 10, ප.ව. 1:22
ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඉන්දු පැසිෆික් කලාපය පිළිබඳ ‘ආසියාන්’ සංවිධානයේ ඉදිරි දැක්ම සමඟ එකඟ වන අතර එම දැක්ම ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා කොළඹ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ පැවති 56 වන “ආසියාන්” දින සැමරුම් උත්සවයට එක්වෙමින්.
1967 අගෝස්තු 08 වන දින, ඉන්දුනීසියාව, මැලේසියාව, පිලිපීනය, සිංගප්පූරුව සහ තායිලන්තය යන රටවල විදේශ අමාත්‍යවරු පස් දෙනෙක්ගේ අත්සනින් යුතුව තායිලන්තයේ බැංකොක්හි විදේශ කටයුතු අමාත්‍යාංශ ගොඩනැඟිල්ලේ දී අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) පිහිටුවා ගෙන තිබෙනවා.
අද වන විට එය බෲනායි, කාම්බෝජය, ඉන්දුනීසියාව, ලාඕසය, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ වියට්නාමය යන රටවල් 10ක් සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය සංවිධානයක් ලෙස පුළුල් වී තිබෙනවා.
දේශපාලන වාර්තාකරු
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36