hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 3:03



පාස්කු බෝම්බ පිපිරුනාට පසු ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට ගිය එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කරවා තැබූ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

තමා ද එදින අග්‍රාමාත්‍යවරයා සමග ආරක්ෂක අමාත්‍යාංශයට ගිය බව කී වජිර අබේවර්ධන මහතා ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීම ගැන පුදුම හිතුන බවද අප වගේ කෙනෙක් නම් ආරක්ෂක මණ්ඩලයේ දොර ඇරගෙන ගිහින් වාඩි වන්නේ යැයි ද කියා සිටියා.

අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ සිටින බව දැනගත් ආරක්ෂක මණ්ඩලයේ කෙනෙක් පැමිණ”ඔබතුමා දැනට ඔහොම ඉන්න”යැයි පැවසූ බව කී අබේවර්ධන මහතා ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් එතැන සිටි අතර දේශපාලන අධිකාරියේ කිසිවකුත් නො සිටි බව සඳහන් කළා.

ආරක්ෂක මණ්ඩලයේ දොර වැහුනත් රනිල් වික්‍රමසිංහ මහතා පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයට සියලු නිලධාරීන් කැඳවා හවස පහ හය වන විට ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනීමටත් ඉතිරි ත්‍රස්තවාදීන්  පුපුරුවාගෙන මැරෙන තැනට කටයුතු කෙරුණු බව ද පැවසුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී  කී කාරණා සියල්ලම එතුමා කැමති නම් ත්‍රිපුද්ගල මහාධිකරණයට ලබාදීමට හැකියාව තිබෙන බව සඳහන් කළ වජිර අබෙිවර්ධන මහතා එසේ ලබා දෙනවා නම් ඉතා වැදගත් බව කියා සිටියා.

ලංකාවේ බුද්ධි අංශ ගැන දේශපාලකයන්  මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු බව කී අබෙිවර්ධන මහතා ඇතැම් දේශපාලකයන්ගේ කතා දකින  විට ත්‍රස්තවාදීන් මෙන්ම ලෝකයත් හිනා වෙන බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදය දකින විට  කණගාටුවක් ඇති වන බවද බෙදී වෙන්වී ගහ මරා ගතහොත් විනාශ වන්නේ මුළු මහත් ජාතියම බවද අබේවර්ධන මහතා සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තුවේ  සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: