hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 10, ප.ව. 9:20



එක්සත් ජාතික පක්ෂය සංවිධානය කල සැබෑව මහජන රැලිය අද කුරුණෑගල නරගසභා පිටියේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වන අතර ජනාධිපතිවරයා ජනාධිපතිවීමෙන් පසුව පක්ෂයේ මහජන රැලියක් සඳහා සහභාගී වූ පළමු අවස්ථාවද මෙය වනවා.

එහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසන්නේ සැවොම එක් වී රට ණය බරින් මුදවා ගැනීමට කටයුතු කල යුතු බවයි. එමෙන්ම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ අයට අද දැනක් නොමැති බවත් අද ඇත්තේ ජී ඇල් පීරිස් නැමැති සට්ටැම්බිරාල සහ ගොඩපෙරකදෝරුවාගේ කණ්ඩායමට බවයි.

ජනාධිපතිවරයා අදහස් දක්වමින් කල කථාව පහතින්,

“පාර්ලිමේන්තු ඡන්දෙදි අපි බෙදුනා. මම කියුවේ එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඇත්ත කතා කරලා ඉදිරියට යමු කියලා. අපිට ඡන්දයක් දිනන්න බෑ හැබැයි අපිට ඇත්ත කතා කරලා සැලසුම් හදලා, සූදානම් කරලා තියනවා නම් අපිට පුලුවන් මැදදි හරි ආණ්ඩුවක් හදා ගන්න කියලා.

හුඟක් අය ඒකට විරුද්ධ වුනා. සමහරු හිතුවේ ඡන්දයක් දිනන්න නම් බොරු පොරොන්දු දෙන්න, අපිට වෙන කරන්න එකක් නෑ බොරු පොරොන්දු දීලා ඡන්දය ජයග්‍රහණය කරන්න. ඒදා කියුවා වගේ පෑඩ් දෙනවා, සපත්තු දෙනවා කියලා. මම කියුවා පෑඩ් වලට හිරවෙන්න එපා අපි ඉදිරියට යමු කියලා. ඉතිං අපි බෙදුනා සමහර අය ගියා සමගි ජන බලවේගෙට ඡන්දේ දුන්නා, සමහර අය ඡන්දේ නොදුන්නා අපි බෙදුන නිසා, සමහර අය අපිට ඡන්දේ දුන්නා. අන්න ඒ සියළු දෙනාට කියනවා අද තියන්නේ එක පක්ෂයයි ඒ එක්සත් ජාතික පක්ෂයයි.

අපි පසුගිය මහ මැතිවරණෙදි ඉලක්කෙට කියුවා ඩොලර් මිලියන 7000ක් නැතිවෙනවා 3000ක් ඕන වෙනවා 3000ක් අපි හොයාගන්න ඕනේ කියලා. ඒකනේ සිදුවුනේ ඕක කියුව නිසා අපි 1ට බැස්සා මේ ඔක්කොගෙම ආසන නැතිවුණා. ඒත් ඇත්ත කතා කරලා යන එක ගැන මම ආඩම්බර වෙනවා.

සජබේ ඉතිං කියුවේ හැම එකම දෙනවා කියලා. මම ඒ ගැන ආපහු කියන්න වැඩක් නෑ. මොකක්ද ජනතා විමුක්ති පෙරමුණ කියුවේ. ඒ ගොල්ලොත් ආර්ථිකය ගැන කතා කලා මොකක්ද එයාලා කියුවේ ස්වාධීන ආයතනයක් පිහිටවනවාලු අපේ මේ කඩා වැටෙන ආර්ථිකය නවත්වන්න සහ ඔබට ලැබෙන ආධායම දෙගුණයක් කරන්න. ඊට පස්සේ මොකක්ද කියුවේ 2021දී කියනවා අපි සැලැස්මක් හදනවා ඊලඟ අවුරුදු 5 කොහොමද අපේ විදේශ විනිමය වැඩි කරන්නේ කියලා.

මේ තියන එක නැතිවෙනවා. මොකක්ද මේ සැලැස්ම සැලැස්ම අරන් මොකක්ද කරන්නේ එක්සත් ජාතික පක්ෂයට හැර වෙන කාටවත් සැලැස්මක් කිබුනේ නෑ.

මම රහසක් කියන්නම් මේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දි මම හිතුවා නෑ මේක කඩා වැටෙන්න බෑ මම කතා කළා IMF එකේ කලමණා අධ්‍යක්ෂ ප්‍රධානීයා ක්‍රිස්ටලීනා ජොර්ජියාට මේ ආයතනයෙන් උදව් දෙන්න කැමතියි කියලා. ලොක බැංකුවෙනුත් එක කියුවා. මම ගිහින් ජනාධිපති දෙපාරක් හමුවෙලා කියුවා එයාට වටහලා දුන්නා. ඒත් අවාසනාවකට සමහර නිලධාරීන් ඒකට විරුද්ධ වුණා.

ඊට පස්සේ මැයි 9 ගාලු පාරේ සිද්ධිය නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉල්ලා අස්වුනා සජිත් ප්‍රේමදාස මේක භාර ගන්න බෑ කියුවා. ඒක අනුර දිසානායක ඉල්ලුවෙත් නෑ. මම ඒ එක්කෙනෙක්ටවත් දොස් කියන්නේ නෑ මම ඒ හේතුව දන්නවා මම ඒ හේතුව ඔබට පෙන්වන්නම්. (ගෝල්ෆේස් පිටියේදී සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට එල්ල වූ විරෝධය පුළුල් තිරයේ පෙන්වමින්) ඉතිං මෙහෙම කොහොමද කාටවත් අගමැතිකමක් බාරගන්නේ.

ගෝල්ෆේස් පිට්ටනියට යන්න බැරි වුනානේ. මට බැණලා වැඩක් නෑ මම ඒ ගොල්ලොන්ට දොස් කියන්නෙත් නෑ. එදා මම හිටියේ ඔතන ශ්‍රැංගිලා හෝටලේ රංජිත් සියඹලාපිටියගේ දුවගේ විවාහයේ. එළියේ හිටිය ඔක්කොම දැනගත්තා මම හිටියේ ඇතුලේ කියලා මම යන එක දැක්කා. එක්කෙනෙක් ඇවිල්ලා මට යන්න කියුවාද පස්සේ මම මේ ඔක්කොම බලාගෙන ඉඳලා මම ගියා. මොකද අපි ඇත්ත කියලා 1ට බැස්සා, අපි දුක් වින්දා මිනිස්සු මුලා කලේ නෑ. පරාජය ගන්න ලෑස්ති වුණා.

කවුද ඉන්නේ මේක බාර ගන්න පොහොට්ටුවට බාර ගන්න බෑ, සජිත්ට බාරගන්න බෑ, අනුරට බාරගන්න බෑ සම්බන්ධන් මහත්තයා අසනීපෙන් ඉන්නේ එයාට බාරගන්න බෑ ඉතිං මොකක්ද කරන්නේ ඉතිං මම එතනට ගිහින් ඒක අරගෙන මම ගෝඨාභය ජනාධිපතිතුමාට කියුවා පුළුවන්නම් විපක්ෂෙත් එකතු කරගන්න කියලා. ඒගොල්ලො කැමති වුනේ නෑ. මම කියුවා මට ඕනේ මුදල් ඇමතිකමත් මොකද මම මේ ප්‍රශ්ණ විසඳගෙන හිටියේ. මම කතා කළා IMF එකට අපි ආදාර උපකාර ලබා ගත්තා.

මෙතනදි තමයි ජූලි 9 කලබල ඇති වුනේ. ජූලි 9 මම දන්නේ නෑ ගෝඨාභය රාජපක්ෂ පන්නන්න ගෙනාවද මාව පන්නන්න ගෙනාවද කියලා. කොහොම හරි එදා ඇවිල්ලා ජනාධිපති නිවස වට කලාම එයා ගියා මගේ නිවස ගිනි තිබ්බාම මම හිටියා. අපි UNP කාරයෝ. වගකීම බාර දුන්නේ එතුමා මම ඒක බාර ගත්තා.

මට සමහරු කියුවා දිවුරුම් දෙන්න බෑ කියලා ගොඩනැගිලි ගිනි තියනවා කියලා, රජයේ නිලධාරීන් බයවුනා මම වැඩබලන ජනාධිපති හැටියට දිවුරුම් දෙන්න යනකොට ඒත් වාළුකාරාමේ හාමුදුරුවෝ ඇවිත් කියුවා උදේ පාන්දර ඇවිත් දිවුරුම් දෙන්න කියලා. එහෙමයි මම එදා දිවුරුම් දුන්නේ.

මම බැලුවා ඡන්දෙට යන්න මම හිතුවා ඔක්කොම එකතු වෙයි කියලා සජබේ අයත් එකතු වෙයි අපිට ආණ්ඩුවක් හදන්න යන්න පුලුවන් කියලා. එත් අපිට ඔයා එක්ක එකතු වෙන්න බෑ කියුවා. ඒ වෙනුවට කියුවා ඩලස් අලහප්පෙරුමට සහය දෙනවා කියලා. ඇයි ජී.එල් පීරිස් මට විරුද්ධ වුනේ UNP කාරයෙක්ට අගමැතිකම කරන්න බෑ කියලා යූඒන්පී අයට දෙන්න බෑ පොහොට්ටුවේ කෙනෙක්ට දෙන්න කියුවාම සජිත් ප්‍රේමදාසයි සජබෙයි ඒකට එකතු වෙනවා. මේකද යූඑන්පිය. තමන් අයින් වෙලා ඇත්ත වශයෙන්ම ඩලස් අලහප්පෙරුමගේ දෙවැනියා වෙන්න ලෑස්ති වුනා.

අද මහින්ද රාජපක්ෂ හොඳ නෑ කියන අය එදා මල්වටිට අරගෙන ගියේ සහය ගන්න මම නිකං ටෙලිෆෝන් එකෙන් විතරයි කතා කලේ ඊට පස්සේ මොකක්ද කලේ මහින්ද රාජපක්ෂගේ සට්ටැඹිරාල ජීඇල් පීරිස්ව ගත්තනේ එහාට. සට්ටම්බිරාලව දන්නවානේ මොකක්ද කරන්නේ කියලා. ඔය සට්ටම්බිරාල කියන්නේ නෑනේ මහින්ද හොඳ නෑ කියලා. ඉතිං එයා තියාගෙන සට්ටම්බිරාල හොඳයි මහින්ද හොඳ නෑ. හරි වැඩේ නේ, සට්ටම්බිරාල හොඳයි මහින්ද හොඳ නෑ කියනවා මට නම් මේක තේරෙන්නේ නෑ.

සජබය අද අරගෙන තියන්නේ සට්ටම්බිරාලයි ගොඩ පෙරකදෝරුවයි UNP අයට තැනක් නෑ ඔතන දැන් 6 වෙනිදා පාර්ලිමේන්තුවේ මම ප්‍රකාශයක් කාලම හර්ශ ද සිල්වා කියුවා ඔබතුමා මේ ණය බේරුම්කරණකොට අපිටත් කියන්න අපිවත් මේකට සම්බන්ධ කරගන්න කියලා ඉතිං මම එදා අමාත්‍යාංශයට ගිහින් මගේ ලේකම්තුමාට කියුවා පක්ෂ නායකයින්ට කතා කරන්න සඳුදා අපි මේ ගැන කතා කරමු කියලා. මොකක්ද වුනේ ඊට පස්සේ ගොඩ පෙරකදෝරුවා ගිහින් කියුවා විපක්ෂනායකතුමාට මේක කරන්න බැහැ. හර්ෂ කියන ඒවා කරන්න බෑ මම කියන ඒවා කරන්න ඕනේ කියලා. අපි යන්නේ නෑ කියුවා මේ රැස්වීමට අද මට ලියුමක් එනවා ඒ අය එන්නේ නෑ කියලා. ගොඩ පෙරකදෝරුවාට යට වුණා.

ඉතිං මොකක්ද මේ පක්ෂේ UNP එකෙන් ආපු අයට තැනක් තියනවාද ඔක්කොම කොන් කරලා තියන්නේ මේ මන්ත්‍රිතුමාව පැත්තකට කරද්දි ඒ අයගේම මුදල් පිලිබඳ ප්‍රධාන මන්ත්‍රීතුමාව පැත්තකට දැම්මාම කොහොමද අපි බලාපොරොත්තුවෙන්නේ. සජබේ අද සට්ටම්බිරාලගේ ගොඩ පෙරකදෝරුවාගේ කණ්ඩායමට අහුවෙලා තියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මූලධර්ම නෑ ඒ නිසා මම එක්සත් ජාතික පක්ෂයේ සියළු දෙනාටම කියන්නේ අපිට ඡන්දේ දුන්නත් නොදුන්න, සජ‌බෙට දුන්නත් අපි එක්ක එකතු වෙන්න, අනිත් සියළු දෙනාත් එක්කම එකතු වෙන්න අපි මේ රට මේ ණය බරින් බේරගමු ඒකට අපි එකතු වෙලා වැඩ කරමු කියලා ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: