hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 06, ප.ව. 2:12



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ ඊයේ (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදීයි.

එම හමුවේදී 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

එම සාකච්ඡාවට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ සහභාගි වී තිබෙනවා.

එහිදී 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සකස් කළේ කවුරුන් දැයි පොදුජන පෙරමුණේ පාර්ශවයෙන් විමසීමක් කර ඇති අතර එය කවුරුන් විසින් සකස් කළේ දැයි නොදන්නා බව අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කර ඇති බවට වාර්තා වනවා.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් අගමැතිවරයාට සිය අප්‍රසාදය පළ කර ඇතැයිද වාර්තා වනවා.

ඒ රටේ ආර්ථික ප්‍රශ්නයට වැඩි ප්‍රමුඛත්වයක් දී විසදුම් සොයනවා වෙනුවට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට උත්සාහ දැරීම සම්බන්ධයෙන්.

මෙහිදී අදහස් දක්වා ඇති හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පවසා ඇත්තේ ව්‍යවස්ථා සංශෝධනවලින් අම්පාරේ ජනතාවගේ පොහොර ප්‍රශ්නය විසඳෙන්නේ නම් එවැන්නක් ගෙන එන ලෙසයි.

මේ අවස්ථාවේදී ජනතාව ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථා සංශෝධන නොව, පොහොර සහ බඩට ආහාර බවද සඳහන් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: