hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 25, පෙ.ව. 12:44



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස අරගලකරුවන් විසින් ගිනිතැබීමෙන් පසු ඔහු මේවන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටින බව වාර්තා වනවා.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් විනාශ කර තිබීමත් එම ස්ථාන පිළිබඳ සියලු තොරතරු අනාවරණය වීම හේතුවෙන් ආරක්ෂිත ස්ථානයක් නොවීමත් හේතුවෙන් එහි පදිංචියට යාමට ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට හැකියාවක් නොමැති තත්වයක් උදා වී තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල නිවස ලෙස ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වනවා.

මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා එම නිවසන් ඉවත් කිරීමට කටයුතු කළා.