hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 18, ප.ව. 1:47



ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 160ක මුදලක් ලබාදුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද(18) පාර්ලිමේතුවේ දී පැවසුවා.

එම මුදල ඉන්ධන මිලදී ගැනීමට යොදා ගත නොහැකි බවත් එසේ කළ හැකිද යන්න පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බවත් අගමැතිවරයා පෙන්වා දුන්නා.

ඒ හා සමානම මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දීමට නියමිත බවයි අගමැතිවරයා සඳහන් කළේ.

මේ අතර ණය ගෙවීමට ඩොලර් මිලියනයක්වත් රටේ නොමැති බව අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපිට එක ප්‍රශ්නයයි තියෙන්නේ, පෙට්‍රල් ගැන. ඒවා විසඳන්නයි මෙතනට ආවේ. පෙට්‍රල් ගැන දැන් කතා කරගෙන යනවා. පෙට්‍රල් නැවකුත් අපිට ගන්න පුළුවන් ද කියලා. දැනට ලෝක බැංකුවෙන් ඊයේ ඩොලර් මිලියන 160ක් හම්බවුණා. ඒ 160 තෙල්වලට යොදවන්න බෑ. නමුත් අපිට පුළුවන් නම් අවස්ථාව දෙන්න තෙල්වලට යොදවන්න කියලා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඒ වගේ මුදලක් දෙන්න තියෙනවා. ඒත් මිලියන 30ක් ගෙවන්න බැරි වුණ නිසා හිරවෙලා තියෙන්නේ. ඒ ප්‍රශ්න විසඳන්න තමා මෙතනට ආවේ. ඒකයි දෙපැත්තේම සහයෝගය ඉල්ලන්නේ. රජයේ සේවකයින්ට ප්‍රශ්නයක් වුණොත් කතා කරලා ඒ ආධාර මුදල දෙන එක ගැන බලන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ.” යැයිද අගමැතිවරයා කියා සිටියා.

කවුරුවත් ත්‍රිරෝද රථ ගැන කතා කරන්නේ නැති බවද ඒ මහතා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: