hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 නොවැම්‍බර් 29, ප.ව. 5:54



පරාභව සූත්‍රයේ සඳහන් වන්නේ ධර්මය ගැන මිස සංඝරත්නය ගැන නොවන බවත් විපක්ෂනායකවරයා ධර්මය සහ සංඝරත්නය මිශ්‍ර කරගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ, ඊයේ දිනයේ විපක්ෂනායකවරයා පැවසූ ලෙසින් පරාභව සූත්‍රය හරහා බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ සංඝයා පිළිබඳ නොවන බවයි.

එහිදී සූත්‍රයේ එක් කොටසක් උපුටා දක්වමින් පරාභව සූත්‍රය වෙන් වී ඇත්තේ ධර්මය සම්බන්ධයෙන් වන වැඩිදුර පැහැදිලි කිරීම් සඳහා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

මෙහිදී විපක්ෂ නායකනායකවරයා ධර්මය සහ සංඝයාවහන්සේ කලවම් කරගෙන ඇති බවත් එය අප විසින් පැහැදිලිවම නිරවුල්ව තේරුම් ගත යුතු බවත් ජනාධිපතිවරයා කියා සිටියා.

ධර්මය ගිහි පැවිදි දෙකොට්ඨාශයම විසින් පිළිපැදිය යුතු දෙයක් බවත් ඇතැම් අවස්ථාවලදී ගිහියන් ධර්මයේ නොහැසිරෙන්නා මෙන්ම සංඝ්‍යාවහන්සේද ධර්මයේ නොහැසිරෙන අවස්ථා දැකගත හැකි බවයි.

ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ එබැවින් ගිහි හෝ පැවිදි මොනයම් හෝ පාර්ශවයක් ධර්මය අනුව ජීවත් විය යුතු බවයි.