hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 මාර්තු 09, ප.ව. 7:33



සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහසවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

ඒ බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව අද (09) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සඳහන් කළා.

මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පසුගිය වර දිවයිනට පැමිණි අවස්ථාවේදී මෙන්ම මෙවරදී ද ඔවුන් විපක්ෂ නායකවරයා හමුවී සාකච්ඡා කරනු ඇති බව සඳහන් කළ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එසේ නොමැතිව ආණ්ඩුවේ වැඩපිළිවෙලට සහාය පළ කරමින් ඔවුන් කැඳවන සාකච්ඡාවට සහභාගී වීමේ අපේක්ෂාවක් සිය පක්ෂයට නොමැති බව පෙන්වා දෙනවා.

ලබන 11 වනදා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග සාකච්ඡාවක් සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයින්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනයක් සිදුකර තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: