hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මැයි 15, පෙ.ව. 10:54



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ඔහුගේ මන්ත්‍රීධූරය පමණක් බැවින් ඔහුට එක් කැබිනට් අමාත්‍යවරයෙකු හෝ පත් කර ගැනීමට නොහැකි බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

සර්ව පාක්ෂිකව අනෙක් පක්ෂ වල අයත් එක් කරගෙන ආණ්ඩුව කරගෙන යාමට සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රනිල් වික්‍රසිංහ මහතාට මාස දෙක තුනක් අවස්ථාව ලබා දිය යුතු බවත් හොඳ නැත්නම් විශ්වාසභංගයක් ගෙනවිත් එලවා දැමිය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරනවා.

රනිල් හොඳම විකල්පයද යන්න මාස දෙක තුනක් බලා සිටින බවත් මේ වෙලාවේ හැටියට වැඩක් කරගෙන යන බවත් ඔහු පෙන්වා දුන්නා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඊයේ (14) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා.

පැය 4කට අධික කාලයක් පැවැති එම රැස්වීමට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 100ක් පමණ සහභාගී වී ඇති අතර අනෙක් මන්ත්‍රීවරුන් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් නොපැමිණි බවයි වාර්තා වන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: