hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 දෙසැම්‍බර් 22, ප.ව. 1:55



ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ නායකයින් අතර ඊයේ (21) පැවති සාකච්ඡාවකදී උතුරේ ඉඩම් සහ එල්.ටී.ටී.ඊ සිරකරුවන් නිදහස් කරගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා බවට ජනාධිපතිවරයා එකඟවූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසුවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා,

“ජනාධිපතිතුමත් එක්ක, අගමැතිතුමා, අධිකරණ ඇමතිවරයා, විදේශ ඇමතිවරයා, සහ නීතිපතිවරයා හිටියා. මමත් සම්බන්ධන් මහතාත් සාකච්ඡාවට එකතු වුණා. ඩක්ලස් දේවානන්දු මහතාත් එකතු වුණා. දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. එතනින් අඳුරගත්තා 5 දෙනෙක් වගේ දැනටම නිදහස් කරන්න පුළුවන්. අනෙක් අය ගැන නීතිපතිවරයා උපදෙස් දෙනවා කියලා කිව්වා කොහොමද ඒක කරන්න පුළුවන් කියලා. ඉඩම් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් හමුදාවත් එක්ක සාකච්ඡා කරලා තියෙනවාලු ජනවාරි මාසයේ 3 වනදා ජාතික ආරක්ෂක කවුන්සිලයේ එ නිර්දේශය දෙනවා කිව්වා. ඉන් පසුව අනෙක් ඉඩම් ගැනත් අපි සාකච්ඡා කරන්නට ඕනේ කියලා තීරණය කළා. නැවත ජනවාරි මාසයේ 05 වනදා අපි හමුවෙලා  ඉදිරි වැඩකටයුතු ගැන සාකච්ඡා කරනවා.”