hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජනවාරි 17, ප.ව. 4:32



රාජ්‍ය සේවක වේතන එක දිනයේම ගෙවන්න බැරි උනත් දින දෙක තුනකදී හෝ ඒ ගෙවීම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසුවා.

බලාපොරොත්තු වන ආදායම එක වරම නොලැබුනත් පසු ගිය මාස සමග සසදන විට දැන් ආර්ථිකය නිසි මගට ගෙන ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද ප්‍රකාශ කළා.

“පසුගිය මාස කිහිපය සමග බලන විට මේ වන විට ආර්ථිකය නිසි මගට ගෙන යන්න ක්‍රියා කරගෙන යනවා.දැන් අපට ඉතිරි වී තිබෙන්නේ ඉන්දියාවේ සහ චීනයේ එකඟතාවය ලබා ගන්නයි. දැනටත් ඇතිකරගත් සාකච්ඡා සාර්ථක බව කිව කිවයුතුයි. ඉදිරියේදී අපට ඒ පිළිබඳ පිළිතුරක් ලැබේවි.

අප බලාපොරොත්තු වන ආදායම එක වරම ලැබෙන්නේ නැහැ.ප්‍රධානම කාර්යය වන්නේ වෙිතන ගෙවීමයි. එක දිනයේම වෙිතන ගෙවන්න බැරි උනත් දින  දෙක තුනකදී එය කරනවා.දෙවැනි කාරණය වන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමයි.එමෙන්ම  සමෘද්ධිය ගෙවිය යුතුව තිබෙනවා.” යැයිද ජනාධිපතිවරයා සඳහන් කළා.