hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2023 පෙබරවාරි 01, පෙ.ව. 4:41



මීළඟ ජනාධිපතිවරණයට ද වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරගවදින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව 2030 වසර වනතුරුම මෙරට ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි එජාප මහලේකම්වරයා ප්‍රකාශ කළේ.

එජාප මහලේකම්වරයා මේ බව පැවසුවේ රූපවාහිනී නාලිකාවක විකාශය වූ සම්මුඛ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමින්.