hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 ජනවාරි 02, ප.ව. 2:06



මෙම වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට සහ ගැටලු විසඳීමට නව ක්‍රමවේද හදුන්වා දෙමින් මුළු රජය ම එක ම යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නව වසර වෙනුවෙන් සේවා ඇරඹීම සදහා ජනාධිපති කාර්යාලයේ අද (02) පැවති විශේෂ වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබෙනවා.

වසර අවසන් වන විට රට සාමාන්‍ය තත්ත්වයකට පත් කිරීමට සියලු දෙනාගේ සහයෝගය අවශ්‍ය බව ත් රාජ්‍ය සේවය පැය 8කට සීමා නොවීමේ වැදගත්කමත් වික්‍රමසිංහ මහතා එහිදී පෙන්වා දී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියා,

“තමන්ගේ වැඩකටයුතු දවසේ පැය 8කට සීමා වෙන්නේ නැහැ. තමන්ගේ වැඩකටයුතු සතියේ දවස් 5කට සීමා වෙන්නේ නැහැ. 2023 අවසන් වන විට මේ රටේ සාමන්‍ය තත්ත්වයක් ඇති කරමු කියලා බලාපොරොත්තුවෙන් ඔබ සියලු දෙනාගේ සහයෝගය ඇතිව මේ රට ඉදිරියට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා.”