hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2023 ජූනි 01, ප.ව. 3:41



කවුරු කොහොම කිව්වත් තවමත් පවතින්නේ පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් බවත්, අපි පත් කරගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතා ඉහළ මට්ටමින් තත්ත්වය කළමනාකරණය කර ගනිමින් රට පාලනය කරමින් සිටින බවත් ප්‍රවාහන මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසනවා.

සිරිපාල ගම්ලත් මහතා මේ අදහස් පළ කළේ පොළොන්නරුව, සෙවන පිටිය සිට කිලෝමීටර් 15ක පමණ කෙටි දුරකින් සෝමාවතියට යා හැකි පාලමක් සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට සහභාගි වී ජනතාව අමතමින්.

හෙතෙම එහිදී මෙසේ සඳහන් කළා.

“එදා අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමේ තීන්දුව නොගත්තා නම්, මේ රටේ අද ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින්නේ නෑ. පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට අන්තවාදීන් එදා උත්සාහ කළා. එසේ වූවා නම් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය විනාශ වෙනවා. ඕනෑම කෙනකුට ඡන්දයකින් ජනාධිපති වීමේ අවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදය තුළ සහතිකව තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ශක්තිමත්ම පක්‍ෂය බවත්, වසර 75ක කාලයක් තුළ පිටරටින් ණය ගත්තාට මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් පළි නෑ. වසර 75ක කාලය තුළ ලබාගත් ණය තුළින් සෑම ආණ්ඩුවක්ම කළේ මේ රටේ ජනතාවට අත්‍යවශ්‍ය සංවර්ධන වැඩකටයුතුයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා රසායනික පොහොර සම්බන්ධයෙන් ලබාගත් තීරණයේ චේතනාව යහපත් වුවද ක්‍රියාව අයහපත් වුණා. රසායනික පොහොර ව්‍යාපෘතිය පැය විසි හතරෙන් සිදු කළ නිසා එතුමාට ජනාධිපතිකම අතහැර ගෙදර යෑමට සිදුවුණා.”