hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 11, ප.ව. 4:13



“සිරස බලධාරීන්ට තුන් වරක් කතා කළා. මේක මෙහෙම කරන්න එපා මෙහෙම කළොත් මිනිස්සු අපේ ගෙවල් ගිණි තියයි ” කියා පැවසූ බවත් ඒ පිළිබඳව සිරස කිසිදු අවධානයක් යොමු නොකොට අවසානයේ තමන්ගේ නිවස අසල කලහකාරීව හැසිරුණු පිරිස් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය පිළිබඳව පෙන්වමින් තමාගේ නිවෙසට පැමිණෙන මාර්ග පවා පෙන්වමින් සිදු කළ ප්‍රචාරය නිසා අවසානයේදී තමන්ගේ නිවෙස ගිනිබත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

තමන් ජනයා මේ අයුරින් ගෑස්, තෙල් පෝලිම්වල සිටිමින් දුක් විඳින ආකාරය දැක නැති අතර, ඒ පිළිබඳව දැඩි ලෙස කනගාටුව පළ කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

තමන් ජූලි මස 09 වැනි දින යෙදී තිබූ සියලුම රැස්වීම් කල් දමා නිවසෙහි රැඳී සිටි බවත්, පසුව පොලිසියෙන් ද තමන්ගෙන් සිදු කළ ඉල්ලීම වූයේ, අරගලය අවසන් වී පිටව යන බාහිර පිරිස් නිවස අසලින් යන විට කලබලයක් ඇති වීමේ අවකාශයක් ඇති හෙයින්, නිවසින් ඉවත් වන ලෙසයි.

මේ හේතුවෙන් තමන් සහ බිරිඳ සවස් වන විට නිවසින් පිටත්ව ගිය බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

අගමැතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින්,

https://youtu.be/S9kbrhwxn90