hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ජූලි 13, ප.ව. 3:14



වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඔහු සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා රටින් පිටවී යන බවට තමාට දැන්වූ බවයි.

අරගලයේ සිටි සමහර කණ්ඩායම් අගමැති කාර්යාලය වැටලීමටත්, ජනාධිපතිතුමා රටින් පිටවීමට ගුවන් යානයක් ලබා දුන් නිසා ගුවන් හමුදාපති සහ නාවික හමුදාපති නිවාස වට කරලීමට සංවිධානය කර තිබූ බවත් පාර්ලිමේන්තුව වැටලීමටත් ඔවුන් සංවිධානය කර තිබූ බවත් වික්‍රමසිංහ මහතා පැවසුවා.

ඒ අනුව ඔවුන්ගේ බලාපොරොත්තුව තිබුණේ රටේ බලය අල්ලා ගැනීම බවයි වැඩබලන ජනාධිපතිවරයා සඳහන් කළේ.

කතානායකවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සමඟ සාකච්ඡා කර ආරක්ෂාව තර කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: