hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 ජූලි 13, ප.ව. 1:07



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පිටව යාමත් සමඟ අද දිනයේදී ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දීමේ නියමිත බව වාර්තා වනවා.

නමුත් මේවන විටත් එම ලිපිය කතානායකවරයාට ලැබී නොමැති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වුණා.

මෙම ලිපිය කතානායකවරයාට බොහෝ දුරට අද දහවල් බාරදෙනු ඇතැයිද වාර්තා වනවා.

කෙසේ වෙතත් මේ වන විට අභිනව ජනාධිපතිවරයා ලෙස පත් වීමට කිහිප දෙනෙකුගේම නම් යෝජනා වී තිබෙනවා. ඒ අතර වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත් යෝජනා වී තිබෙනවා. එම නම යෝජනා කර බහුතර බලය ලබා දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

නව ජනාධිපතිවරයා ලෙස ඊලඟ නාම යෝජනා දෙක වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ආණ්ඩුවේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් යෝජනා කර ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතායි.

කෙසේ වෙතත් මීට සුළු මොහොතකර පෙර ප්‍රකාශ වූ විශේෂ පුවතක් වූයේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝගයක් නිකුත් කර තිබීමයි.

ඒ වහා ම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත තුළ ඇඳිරි නීතිය පැනවීමට නියෝග කරමින්.

අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ, දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන ඇති බව ය.

කලහකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවසර ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබුණා.

එමෙන් ම, කලහකාරී ලෙස හැසිරෙන පුද්ගලයින් ප්‍රවාහන කරන රථවාහන අත්අඩංගුවට ගැනීමට ද ආරක්ෂක අංශ වෙත බලය පවරා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

කෙසේ වෙතත් තවම කතානායකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වූ බවට ප්‍රකාශ කර නොමැති පසුබිමක වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝගයක් නිකුත් කරන්නේ කෙසේද යන්න ගැටලුවක්.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථානුකූලව නිල බලයෙන් වැඩබලන ජනාධිපති ලෙස පත්වීමට නියමිතයි.

ඒ අනුව එළැඹෙන 20 වැනිදා පාර්ලිමේන්තුවේදී නව ජනපතිවරයා තෝරා පත් කරගන්නා තෙක් ඉතා සීමිත කාලසීමාවක් සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ලෙස කටයුතු කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ඉවත් වුවහොත් ජනාධිපති ධුරයට ව්‍යවස්ථානුකූලව කථානායකවරයා පවත්වනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: