hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 10, ප.ව. 12:47



ප්‍රසන්න රණතුංගගේ ඩීල් දේශපාලනය පිළිබඳව අද ශ්‍රී ලංකාවම හොඳින් දන්නා බව පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසයි.                                                                  

මහනුවර පැවති පොදු ජන කාන්තා සමුළුවෙන් පසු මාධ්ය හමුවේ අදහස් පළ කළ ඒ මහතා කියා සිටියේ ප්‍රසන්න රණතුංග මහතා අනිවාර්යෙන්ම තව සතියකින් බැසිල් රාජපක්ෂ මහතාගේ ගුණ වයමින් එතුමා ළඟට පැමිණෙන බවයි. 

තවදුරටත් අදහස් පළ කළ රංජිත් බණ්ඩාර මහතා මෙසේද සඳහන් කළා.

“ප්‍රසන්න රණතුංගගේ දේශපාලන ගනුදෙනුව අද මේ රටේ හැම දෙනාම දන්නවා. එයා යටින් විතරක් නෙවෙයි උඩිනුත් ඩීල් දානවා. පොදු ජන එක්සත් පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් වුණත්, පක්ෂයේ ස්ථාවරය වෙන්නේ මේ වෙලාවේ වඩාත් සුදුසු මහමැතිවරණයක් පැවැත්වීම යන්නයි. අපේ පක්ෂයේ ස්ථාවරය අපි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැහැදිලිවම දැනුවත් කරලා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවලදී මේ පිළිබඳව දිගින් දිගටම දැනුවත් කළා. බහු පක්ෂ ක්‍රමය සුරක්ෂිත කිරීමට, ප්‍රජාතන්ත්රවාදය තහවුරු කිරීමට, පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කිරීමට නම් අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේ  මහ මැතිවරණයක් තියන්න ඕනේ. ඔය බොරුවට තුනෙන් දෙකේ හීන බල බලා ඉඳලා කවදාවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හම්බවෙන්නේ නෑ. 

හැබැයි මේ හැම දෙනාම හොඳින් තේරුම් ගන්න ඕනේ පොදු පෙරමුණේ සහාය නැතුව කිසිම කෙනෙකුට මේ රටේ ජනාධිපති වෙන්න බෑ කියලා. ජනතා විමුක්ති පෙරමුණට තියෙන්නේ ඡන්ද  ලක්ෂ තුනයි. එයාලට ඡන්ද  ලක්ෂ 71 ක් ගන්න නම් තව ඡන්ද ලක්ෂ 68 ක් වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ එයාලගේ තියෙන ජන්ද ප්‍රමාණය 1764 වාරයකින් වැඩි කරගන්න වෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගත්තේ ඡන්ද දෙලක්ෂ විසිඅට දාහයි. ඡන්ද ලක්ෂ 71 කරගන්න එයාට තව ඡන්ද ලක්ෂ 69 ක් ගන්න වෙනවා. සජිත් ප්‍රේමදාසගෙ මුළු කණ්ඩායමම එකතුවෙලා ගත්තේ චන්ද ලක්ෂ 58 යි. එතන සජිත්ගේ ජන්ද තියෙන්නේ ලක්ෂ 12 යි. ජනපති වෙන්න නම් එයාට තව ඡන්ද ලක්ෂ 56 ක් ගන්නම වෙනවා. ඒ නිසයි අපි කියන්නේ පොදු ජන පෙරමුණට කාටවත් ඉලක්කම් වලින් අභියෝග කරන්න බෑ කියලා. අපේ ජනාධිපති අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් කවුරුත් කලබල වෙන්න අවශ්ය නෑ. අපිට ඕන තරම් අපේක්ෂකයෝ ඉන්නවා. සුදුසු වෙලාවට සුදුසු කෙනා අපි ඉදිරිපත් කරනවා.”

.