hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 මැයි 05, ප.ව. 2:06



නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත්වූ රංජිත් සියඹලාපිටිය මහතා අද(05) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළා.

එහිදී ඔහු විපක්ෂයේ සාකච්ඡාවක් ගැන හෙළිදරව්වක්ද සිදු කළා.

රංජිත් සියඹලාපිටිය මහතා එහිදී කියා සිටියේ විපක්ෂයේ සම්පූර්ණ එකමුතුවෙන් තමාව යෝජනා කර ස්ථීර කර නියෝජ්‍ය කතානායකවරයා ලෙස පත් කර ගැනීමට අද උදෑසන 10 දක්වාම තීරණය කර තිබූ බවයි.

තමාට අවශ්‍ය වුණේ විපක්ෂයේ ශක්තිය පෙන්වන බලවේගයක් ලෙස මේ අවස්ථාව පත් කර ගැනීම බවත් විපක්ෂය එම අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීම ගැන කණගාටුවට පත් වන බවත් ඔහු කියා සිටියා.

විපක්ෂය කළේ පාරේ ඉන්න ජනතාවගේ සටන පාවාදීමක් බවට නියෝජ්‍ය කතානායාකවරයා චෝදනා කළා.

තමා විපක්ෂයේ පත්වූ බවට සලකන ලෙසද ඒ මහතා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ පොහොට්ටුවේ සහයෝගය සියඹලාපිටිය මහතාට ලබා දෙන බවට ප්‍රකාශ කිරීමත් සමඟ විපක්ෂය ගත් තීරණය වෙනස් කර ගත් බවයි.

රංජිත් සියඹලාපිටිය මහතා අද ආණ්ඩුවේ රැකවෙලක්, ආණ්ඩුවේ අතකොලුවක්, ආණ්ඩුවේ හෙන්චයියෙක් බවට පත් වූ බව ඔහු චෝදනා කළා.

අද පාර්ලිමේන්තුව තුළ සිදුවූ ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීම තුලින් ජනතාවට පැහැදිලිව ඔප්පු වූයේ පාර්ලිමේන්තුව තුල දේශපාලන ගේම් සිදුවන බවටයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.